ක්‍රිඩා

ඉන්දු ශ්‍රි ලංකා සටනේ තුන්වන දිනය අවසන්

ශ්‍රි ලංකාව ඉන්දියාව අතර ටෙස්ට් තරගයේ පලමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රි ලංකා කණ්ඩායම සියලු දෙනාම දැවී ලබාගත් ලකුණු 205 ට පිලිතුරු ඉනිම ක්‍රිඩා කල ඉන්දියාව මේ වන විට ප්‍රබල තත්වයක පසු වෙනවා.

ශතක තුනක් හා එක් දිවිත්ව ශතයක් වාර්තා කරන්නට ඉන්දියානුයන් සමත් විය.

පිලිවෙලින් මුරලි විජේ , පුජාරා සහ රෝහිත් ෂර්මා ශතක රැස් කල අතර ඉන්දියානු නායක විරාට් කෝලි ද්විත්ව ශතකයක් ලබාගැනීමට සමත් විය.ඉනිම අත්හිටවන විට ඉන්දියානුවන් කඩුළු 6 ට ලකුණු 610 ක් ලබාගෙන සිටියා.ඒ අනුව ඉනිමක පරාජයෙන් බේරිමට ශ්‍රි ලංකා කණ්ඩායම ලකුණු 405 ක් ලබාගත යුතුයි.

දෙවන ඉනිම ක්‍රිඩා කරන ශ්‍රි ලංකා කණ්ඩායම මේ වන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 21 ක් ලබාගෙන අසීරු තත්වයක පසුවෙනවා.දැවී ගිය ක්‍රිඩකයා සධීර සමරවික්‍රමයි.ලහිරු තිරිමාන්න සමගින් දිමුත් කරුණාරත්න නොදැවී සිටිනවා.හෙට තරගයේ හතරවන දිනයයි.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top