දැනුම

පැයට කිලෝමීටර 1100 වේගයෙන් ගමන් කරන අනාගත අධිවේගී ප්‍රවාහනය

Hyperloop one කියන්නේ අනාගත අධිවේගි ප්‍රවාහනයේ නවතම යුගයක ආරම්භය විය හැකියි .ගුවන් යානයක වේගය අභිබවමින් මිනිසුන් සහ නාවික භාණ්ඩ ප්‍රවාහනය කිරීමට සඳහා, 2013 වර්ෂයේ දී Elon Musk විසින් Hyperloop අධිවේගී ප්‍රවාහන තාක්ෂණය පිළිබඳ මතය මුල්වරට ලෝකයට ඉදිරිපත් කර සිටියා. ඔහු ප්‍රකාශ කර සිටියේ ලොස් ඇන්ජලීස් සිට සැන්ෆ්‍රැන්සිස්කෝ දක්වා වූ කිලෝමීටර් 610ක දුර විනාඩි 30ක් ඇතුලත ගෙවා දැමීමට මෙම තාක්ෂණය යටතේ  හැකියාව ලැබෙන බවයි.

මෙම ප්‍රවාහන ක්‍රමය සඳහා  යොදාගන්නා තාක්ෂණය වන්නේ විශාල රික්තක නලයක් තුල චුම්භක බලය ඇති කර එම බලය ප්‍රයෝජනයට ගැනීමයි. 2013 සිට මෙතෙක් කල පර්යේෂණ වලින් මෙහි වේගය පැයට සැතපුම් 750ක් දක්වා වර්ධනය කළ හැකි වෙතැයි බලාපොරොත්තු වෙනවා.

දැන්, Hyperloop ප්‍රවාහන ක්‍රමයේ අත්හදා බැලීම් සිදු කිරිම සඳහා SpaceX නම් තරඟාවලියෙන් තෝරාගත් කණ්ඩායම් 30ක් යොදවා තිබෙනවා. ඔවුන්, ලබන වසරේ ජනවාරි මස 27 සිට 29 දක්වා කාලය තුල උතුරු ලාස්වේගාස් හි කාන්තාරයක  සැතපුම් 1.8 දිගු ආකෘති නලයක් තුල Hyperloop  තාක්ෂණය අත්හාදා බැලීමක් සිදුකීරීමට සැලසුම් කර තිබෙනවා. මේ සමස්ත ව්‍යාපෘතිය සදහා සමාගම මගින් ඇ.ඩො මිලියන 160ක් දක්වා මුදල් අයෝජනය වැඩි කිරිමට සූදානම් වී සිටිනවා.

මෑතක දී ඩුබායි රජය මගින් මෙවැනි හයිපර්ලූප් අධිවේගි ප්‍රවාහන පද්ධතියක් ස්ථාපනය කිරීම සදහා වූ අධ්‍යන කටයුතු කිරීමට එකගවී ඇති  අතර එය ඩුබායි සිට අබුඩාබි දක්වා නිර්මාණය කිරීමට තීරණය කල බව හයිපර්ලූප් වන් නිෂ්පාදන සමාගම ප්‍රකාශ කරනවා.  2020 වන විට අවසන් කිරීමට යෝජිත මෙම ව්‍යාපෘතිය හරහා ඩුබායි සිට අබුඩාබි දක්වා විනාඩි 12කින් ගමන් කිරීමට හැකිවෙතැයි අපේක්ෂා කරනවා.

මේ වන විටත් ඉතා සාර්ථක ලෙස අත්හදා බැලීම් සිදුකරන Hyperloop one අධිවේගී ප්‍රවාහනය ක්‍රමය ලෝකයේ රටවල් කිහිපයකම ස්ථාපනය කිරීම සඳහා ඉදිරියේ දී ශක්‍යතා අධ්‍යනයන් සිදුකරන බව සමාගම පවසනවා

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top