දැනුම

රෙගේ රජු බොබ් මාලේගේ මරණය

රොබට් නෙස්ටා බොබ් මාලේ හෙවත් රෙගේ රජු 1945 පෙබරවාරි 6 වන දින මෙලොව එළිය දුටුවේය. The Wailers සංගීත කණ්ඩායමත් සමග 1963 වසරේ ඇරඹි ඔහුගේ සංගීත දිවිය 1981 වසරේ මියයන තුරුත් එමෙන්ම අද දක්වාම ලෝක හදවත් තුල රැදී පවතින්නේය.

1977 ජූලි මාසයේ ඔහුගේ පාදයේ ඇගිල්ලක පිළිකා සෛල තිබී හදුනා ගත් අතර වෛද්‍ය වරුන්ගේ නිර්දේශය වූයේ එම ඇගිල්ල කපා ඉවත් කිරීමයි. එහෙත් බොබ් මාලේ සිය රස්ථෆාරියානු දහමට ඇති ලැදියාව නිසාම එය ප්‍රතික්ශේප කර සිටියේය. රස්ථෆාරියානු දහමට අනුව සිරුරේ අවයව ඉවත් කිරීම පාපකාරී ක්‍රියාවක් ලෙස හැදින්වෙනවා. රෝගාබාධ හමුවේ නොසැලෙන ඔහු දිගින් දිගටම තම සංගීත කණ්ඩායම සමග ලෝක සංචාර වල නිරත වූයේය.

1980 වසරේ දී අවසාන වශයෙන් The Uprising සංගීත ඇල්බමය නිකුත් කරන ඔහු ඒ සමගම යුරෝපයේ දැවැන්ත සංගීත සංචාරයකද නිරතවී ඇමරිකාවට සපැමිනෙනවා. දිගින් දිගටම සංගීත සංදර්ශන පැවැත්වූවත් ඔහුගේ කායික දුබල බව වැඩි නිසා ඒවා අතරමග නවතා දමන ලදි. ඉන් පසු වෛද්‍ය පරීක්ෂණ වලදී හෙළිවූයේ පිළිකා සෛල ඔහුගේ ශරීරය පුරාම ව්‍යාප්ත වී ඇති බවයි.

ජර්මානු වෛද්‍ය වරයෙකු යටතේ දී ප්‍රතිකාරගත් හෙතෙම 1981 මැයි 11 වන දින ලෝක සංගීත ලෝලී හදවත් මිලියන ගනනින් කම්පා කරමින් Miami රෝහලකදී මෙලොවින් සමුගන්නා ලදි. ඔහු විසින් ඔහුගේ පුත් Ziggy Marley වෙත පැවසූ අවසන් වදන් වූයේ “Money Cant Buy Life” එනම් මිල මුදලින් ජීවිතය මිලදී ගත නොහැක යන්නයි.

 

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top