QR code එකෙන් අදහස් වන්නේ quick Responce කියන එකයි.QR code හැදිලා තියෙන්නේ පුංචි කොටු ගණනාවකින් , මේ සංකේතය තුල දත්ත සමූහයක් ගබඩා වෙලා තියෙනවා.අපි සාමාන්‍යෙයන් දත්ත හා තොරතුරු ගබඩා කරන්න භාවිතා කරන්නේ harddisk , CD , DVD , pen drive වගේ දේවල් , නමුත් මේ image තුලින් QR code ලෙස දත්ත සමූහයක් ගබඩා කිරීමේ හැකියාව තියනවා.
අද වන විටඅපි හැමෝම ගාව ස්මාර්ට් ෆෝන් එකක් තියනවා නේ.මේ ෆෝන් එකෙන් QR code එකක් ගබඩා වෙලා තියෙන දත්ත බලන්න පුළුවන් ඇප් එකක් ගන්න පුළුවන්.නොමිලේ ලබාදෙන ඇප් එකකින් පහසුවෙන් අපිට QR code එක ස්කෑන් කරලා දත්ත ලබා ගන්න පුළුවන්.
ඒ වගේම අපි බලමු කොහමද QR code එකක් නිර්මාණය කරන්නේ කියලා , ගූගල් සර්ච් කලොත් බොහෝ online code making වෙබ් අඩවි දැක ගන්න පුළුවන් ,ඒ ලින්ක් එක පහල දාලා තියනවා
QR code එක ඕන නම් බැනර් එකකට පොතකට ,ටී ෂර්ට් එකකට ලේසියෙන්ම ප්‍රින්ට් කරන්න දෙන්න පුළුවන්.
Link – http://goqr.me/