දැනුම

ලොව වේගවත්ම පරිඝණකය නිපදවයි

හෙව්ලට් පැකාර්ඩ් සමාගම නැතහොත් HP විසින් නිමවන ලද සුපර් කම්පියුටර් එකක් පසුගිය සතියේ International Space Station හිදී නාසා ආයතනය ක්‍රියාත්මත කළා. එය සාර්ථක වූ බව ගිය බදාදා නාසා ආයතනය ලොවට දැනුම් දුන්නා.

එය ක්‍රියාත්මක වන තෙක්ම විද්‍යාඥයන්ට විශ්වාසයක් තිබුණේ නැහැ පෘථිවියේ භාවිතයට සෑදූ මෙම කම්පියුටර් එකට අභ්‍යවකාශයේදී Switch on වත් වෙයිද කියා. අමතර ආරක්ෂක උපංගවලින් සමන්විත නොවුණත් මෙම HP සුපර් කම්පියුටර් එක අභ්‍යවකාශය වැනි ඉතා කටුක පරිසරයකදී වුවත් මැනවින් ක්‍රියාත්මක වුණා.

සුපර් කම්පියුටර් යනු දත්ත අති විශාල සංඛ්‍යාවක් ඉතාමත් ඉක්මනින් විශ්ලේෂණය කර ප්‍රතිඵල ඊටත් වඩා ඉක්මනින් අනෙක් කම්පියුටර් සමඟ හුවමාරු කිරීමට සමත්කම් දක්වන සුවිශේෂී පරිගණයක්.

අභ්‍යවකාශය සමඟ ගනුදෙනු කරන නාසා වැනි ආයතන භාවිත කරන්නේ ඔවුන් වෙනුවෙන්ම විශේෂයෙන් සෑදූ මෙම සුපර් කම්පියුටර්ස්.

මෙම HP Super Computer එකට තත්ත්පර 1කදී ගණනය කිරීම් ටි්‍රලියන 1ක් කරමින් දත්ත ක්‍රියාවලියක් මෙහෙයවීමට පුළුවන්.

මෙවැනි අභ්‍යවකාශයේ ක්‍රියාත්මක විය හැකි සුපර් කම්පියුටර් එකක් අඟහරු මෙහෙයුම වැනි සියලුම අභ්‍යවකාශ ගවේෂණ මෙහෙයුම්වලට ඉමහත් පිටිවහලක් වන මෙවලමක් වෙනවා. මෙම හැකියාව පෘථිවිය මත සිටින සමාගම්වලටද සුබ ආරංචියක්. මන්ද පෘථිවියේ (ගුණාත්මක අගයෙන් වැඩි) සැටලයිට් ඡායාරූපවලට ඉමහත් උනන්දුවක් පෞද්ගලික අංශයේ පවතින්නේ. ඒ හරහා ඔවුන් හට තෙල් ගවේෂණ සහ බෝග වැඩීම සටහන් කර ගැනීමට (Track) එය උපකාරී විය හැකි නිසාය.

උපාංග සහ තාක්ෂණයේ රහස්‍ය භාවය සුරකින නාසා වැනි ආයතනයක් මෙම සුපර් කම්පියුටරයේ දර්ශන සිවිල් සමාජයට නිකුත් නොකරන බැවින් ටෙලස්කෝප් පාඨක ඔබට එම උපාංගයේ ඡායාරූපයක් පෙන්වීමට හැකියාවක් අපට ලැබෙන්නෙත් නැහැ. නමුත් නාසා ආයතනය මාධ්‍යයට නිකුත් කළ එහි Isometric view නැතහොත් සමාවයවික දර්ශනයක් අපට මෙසේ ඔබට ගෙන එන්නට පුළුවන්.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top