ක්‍රිඩා

ඉන්දියාව හිතුවක්කාර තීරණයක් ගනියි

කොල පැහැති තරතීරුවක් යොදා ගැනීම නිසා පලමු තරගයේදී විවිධ ගැටලු රාශියක් මතුවුණා.ඉන් විශාලතම ගැටලුව බවට පත්වුනේ පින්නයි.බොහෝ දෙනෙකු සිතුවේ ග්‍රින් පිච් ඊලග තරග දෙක සදහා යොදා නොගනීවී යන්නය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන අවසන් ටෙස්‌ට්‌ තරග දෙක සඳහා ද කොළ පැහැති වේගවත් තණතීරුවක්‌ සකස්‌ කිරීමට ඉන්දියානු ක්‍රිකට්‌ කළමනාකාරීත්වය තීරණය කර ඇතැයි වාර්තා වේ.

අදාළ තරගාවලියෙන් පසුව ඉන්දියාව දකුණු අප්‍රිකාවේදී ටෙස්‌ට්‌ සහ එක්‌දින තරගාවලියකට සහභාගි වන බැවින් මෙම තරගාවලිය ඊට පෙරහුරුවක්‌ වශයෙන් යොදා ගැනීමට වේගවත් තණතීරු සකස්‌ කිරීමට කළමනාකාරීත්වය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවැනි ටෙස්‌ට්‌ තරගය ලබන 24 වැනිදා නාග්පූර්හිදී ආරම්භ වන අතර තෙවැනි ටෙස්‌ට්‌ තරගය ලබන මස 02 වැනිදා දිල්ලි හිදී ආරම්භ වේ.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top