දැනුම

ඔයාටත් නින්ද යන්නේ නැද්ද ?

 

මිනිසාගේ හොඳම ව්‍යායාමය නින්දයි. ජීවිත කාලයෙන් තුනෙන් එකක් පමණ මිනිසා නින්දේ ගත කරයි. අවදිව සිටීම මෙන්ම නින්ද ද මිනිසාට අත්‍යවශ්‍ය වේ. නින්ද පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්ව අවශ්‍ය වේ. කුඩා දරුවන් දිනකට පැය 16 ක් පමණ නිදා ගන්නා අතර වයෝවෘද්ධ අය සාමාන්‍යයෙන් නිදන්නේ පැය 6 කට අඩු සුළු කාලයකි.

බොහෝ තරුණ පිරිස් ශිල්පීන් පැය 7 – 8 අතර කාලයක් නිදා ගනිති.ලොකයේ ප‍්‍රකට පුද්ගලයන් නිදා ගත්තේ ඉතා සුළු කාලයකි.

ඒ අතර ඇල්බට් අයින්ස්ටයින්, මහත්මා ගාන්ධි, රුසියාවේ ජනාධිපති ස්ටාලින් වැන්නෝ මේ අතර වෙති.දහවල් කාලයේ දී නිදා ගත් විටක රාති‍්‍ර කාලයේ නින්ද අඩුවීම ස්වාභාවික දෙයකි. ඇතැම් විට දහවල් නිදා ගැනීමෙන් අප නිදා ගන්නා රටාව වෙනස්වීමට ද පුළුවන. දවස පුරාම කය මනස වෙහස වී වැඩ කරන මිනිසාට විවේකය අවශ්‍යය.

නින්ද යෑමට පෙර පැයක් හෝ දෙකක් විවේකීව සිටීමට පුරුදුවීමෙන් සුව නින්දක් කරා ළඟා විය හැක. මීට හොඳ පිළියම් ලෙස නවකතාවක් පුවත්පතක් කියවීම, රූපවාහිනීය නැරඹීම, භාවනාකිරීම, රේඩියෝවට සවන්දීම මේ අතර වේ.
ශරීරයට හොඳ ව්‍යායාමයක් ලබා දීමෙන් හොඳ නින්දක් ලබා ගත හැකිය.

දිනපතා ව්‍යායාමයේ යෙදෙන විට ශරීරයට හොඳ වාතාශ‍්‍රයක් ලැබේ.ගේ දොර වැඩ කටයුතු , ඇවිදීම , බයිසිකල් පැදීම මේ අතර වේ. උණු වතුරෙන් ඇඟ සේදීම ද රාති‍්‍රයට සුව නින්දක් ලබා ගැනීමට ඇති හැකියාව ද ඇති කරවයි.

රාතී‍්‍ර නින්දට පෙර බර ආහාර වේලක් හෝ ලොකු ආහාර වේලක් ගත් විට සිරුර රත්වීම වැඩි වේ. හෘද කි‍්‍රයාකාරිත්වය ඉහළ යයි. එය නින්ද අපහසු කරවයි.

අඩු තරමින් නින්දට පැය දෙකකට පෙර රාතී‍්‍ර ආහාර වේල ගැනීමෙන් ඒ අපහසුතාව මඟ හරවා ගත හැක.

නිදා ගැනීමට පෙර කෝපි සහ තේ පානය කිරීමෙන් ද නිදිමත නැති වේ.

කෝපි සහ තේවල අඩංගු කැෆේන් සහ මැනින් ශරීරයට උද්දීපනයක් ලබා දේ. ඒ නිසා නිදා ගැනීමට මද වේලාවකට හෝ පරක්කු වේ. මීට අමතරව කොලා පානයන්, රෙඩ් වයින් වර්ග, චොකලට් සහ චීස් වර්ග ද නිදි මත පමා කරයි. එනිසා මෙවන් ආහාර වර්ග රාතී‍්‍ර නින්දට පෙර ගැනීීමෙන් වැලකිය යුතුය.

එමෙන්ම හොඳ නින්දකට ඇඳෙ සුව පහසුව ද අත්‍යවශ්‍ය වේ.

ඔබ නිදා ගන්නා ඇඳ සුවපහසු එකක් වූවාට කමක් නැත. එවිට හොඳ නින්දක් ඔබට ලබා ගත හැක. මනාව සකසා ඇති කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි මෙන් ම සුදුසු තිර රෙදි දැමීම ඔබ නිදන කාමරයට හොඳින් වාතාශ‍්‍රය ලැබෙන වා කවුළු ද මේ අතර සුව නින්දකට වැදගත් වේ.

 

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top