කළු කුහර ගැන ඔබ දන්නවාද ? උපකල්පන මත මත නම් විද්‍යාවේ තවත් එක් සොදුරු සොයා ගැනීමක් කළු කුහර.
විශ්වය පුරා පැතිර ඇති ගුරුත්වාකර්ෂණ ශක්‌තියෙන් වැඩි ප්‍රචාරයක් සඳහා දායක වී ඇති, විශ්වයේ ස්‌කන්ධයෙන් සියයට අනූවක ප්‍රමාණයක් නිර්මාණය කරන්නට දායක වන අඳුරු පදාර්ථ හෙවත් කළු කුහර (Black Holes) පිළිබඳව ඉතාමත් ඈත කාලයේ සිට විද්‍යාඥයන්ගේ අවධානය යොමුවී ඇත.
එක්‌දහස් නවසිය හැත්තෑවේදී කක්‌ෂගත කළ “උහුරු” නම් චන්ද්‍රිකාවට ලැබුණු තොරතුරු අනුව සමහර යුගල තාරකාවන්හි එක්‌ස් කිරණ ජනිත විය හැකි බව වැටහුණි. මෙවැනි යුගල තරුවල එක් තරුවක් සැම විටම ඝනත්වය සහ ආකර්ෂණ ශක්‌තිය ඉතාමත් අධික, එමෙන්ම ඉතාමත් අඳුරු වූ අතර තාරකාව ඉතාමත් දීප්තිමත් වූ එකකි.
කළු තාරකාවෙහි ආකර්ෂණ ශක්‌තිය කෙතරම් ප්‍රබල වූයේද යත්, තමන්ගේ සහායක තාරකාවේ කැබලි කඩා තමන් වෙත ඇද ගැනීමට තරම් ශක්‌තිමත් විය. එක්‌ස් කිරණ ජනිත වූයේ එවැනි කැබලි කළු තාරකාවේ ගුරුත්වාකර්ෂණය පසුකර එය මතට කඩා වැටීමේදීය.
මෙහිදී ජනිතවන එක්‌ස් කිරණවල ප්‍රබලත්වයද එක් තරුවක් අනික් තරුව වටා පරිභ්‍රමණය වීමේදී සිදුවන ආලෝකයෙහි ප්‍රබලතාවය අඩු වැඩිවීම අනුව අඳුරු තාරකාවේ ස්‌කන්ධ ගණනය කිරීමට විද්‍යාඥයන්ට හැකිවිය.
මෙහිදී අඳුරු තාරකාවේ ස්‌කන්ධය, හිරුගේ ස්‌කන්ධයෙහි තුන් ගුණයකට වඩා වැඩිනම් අනිවාර්යයෙන් එය කළු කුහරයක් ලෙස සැලකුණි.
අපගේ මන්දාකිණිය තුළ කළු කුහර දශ ලක්‍ෂ සියයක් පමණ ඇතැයි සැලකේ. අපට ආසන්නයෙහිම ඇති කළු කුහරය ආලෝක වර්ෂ දහතුනක් පමණ ඈතින් ඇතැයි විශ්වාස කෙරේ.
අඳුරු කුහර තුළින් අතුරුදන් වන තාරකා යළිත් සුදු කුහර (White Holes) තුළින් බිහිවන බව, වෙස්‌ට් වර්ජිනියාහි රොබට් හිප්ලෙවින් “නේචර් ෆිසිකල් සයන්ස්” සඟරාවට ලිපියක් ලියමින් පවසා තිබුණි. මෙහිදී තාරකා විසින් “උපරි අවකාශය” පසුකළ යුතු වග ඔහු පැවසීය.
අවකාශය නිරතුරුවම පිවිතුරු ගුරුත්ව ශක්‌තියෙන් යුතු අංශූන්ගෙන් සමන්විත වෙයි. මේවා “ජියොන්” යනුවෙන් හඳුන්වනු ලැබේ. මෙවැනි “ජියොන්” රාශියක එකතුවෙන් පදාර්ථ බිත්තියක් නිර්මාණය කරයි. එම කාල අවකාශයෙහි කුඩා විවර ඇති අතර උපරි අවකාශයට ඇතුළු වන දොරටු වනුයේ මේවාය.
M17 නමැති මන්දාකිණියේ න්‍යෂ්ටියේ පවතින සූර්ය ස්‌කන්ධ බිලියන තුනක් පමණ වන දැවැන්ත කළු කුහරය මෙතෙක් සොයාගෙන ඇති ස්‌කන්ධයෙන් අධිකම කළු කුහරය ලෙස සැලකෙයි.
කළු කුහර බිහිවීම පිළිබඳ විවිධ මත ඇත. මන්දාකිණිය බිහිවූ අවධියේම ඒවා බිහිවූයේ යෑයි එක් මතයකි.
සුපිරි ස්‌කන්ධාධික තාරකා එක්‌වීමෙන්ද, තාරකා ස්‌කන්ධ ප්‍රචාරයෙන් ආරම්භ වූ කළු කුහරයන් තුළ ද්‍රව්‍ය එක් රැස්‌වීමෙන් ඒවා බිහිවෙන්නට ඇතැයි ද තවත් මතයක් ඇත.
හයිඩි්‍රජන් බෝම්බයෙහි සම නිර්මාතෘවරයකු වූ ජෝන් විලර් පවසන්නේ, එය සතු වූ නිශ්චිත ලාක්‌ෂණික ගුණවලින් උපරි අවකාශය හඳුනාගත හැකි බවයි. මෙම උපරි අවකාශයට ඇතුළු වීමේ දොරටු, මන්දාකිණි අතර අවකාශයන්හි සහ තාරකා අතර අවකාශයන්හි පමණක් නොව අපේ සෞරග්‍රහ මණ්‌ඩලයේ කෙළවරෙහි පවා ඇති බව විද්‍යාඥයෝ විශ්වාස කරති.
මේ අතර කළු කුහර යෑයි සැකකළ හැකි, අලුත්ම එක්‌ස් කිරණ උල්පත් දෙකක් ජපන් චන්ද්‍රිකාවක් මඟින් සොයාගනු ලැබිණ. එයින් GS2000+25 නම් එක්‌ස් කිරණ උල්පතට අපගේ සූර්යාගේ මෙන් හය ගුණයක ස්‌කන්ධයක් ඇත. කළු කුහරයක් වීමට අවශ්‍ය අවම සුදුසුකම වන “සූර්ය ස්‌කන්ධ 3” අගය ඉක්‌මනින් හා පහසුවෙන් GS2000+25 පසුකරන නිසා එය කළු කුහරයක් වීමට ඇති ඉඩකඩ ඉතා වැඩිය.
එසේම GS1124-68 නම් එක්‌ස් කිරණ උල්පතට, හිරුමෙන් 4.6 ස්‌කන්ධයක් ඇත. එය දප කළු කුහරයක් වීමට අවශ්‍ය අගය සම්පූර්ණ කර තිබේ.