ක්‍රිඩා

වෙනස්කම් රැසක් සමගින් ශ්‍රි ලංකා කණ්ඩායම අද තරග බිමට

ඉන්දීය කණ්ඩායම සමඟ අද පැවැත්වෙන දෙවන පන්දු වාර විස්ස තරඟය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුවිය හැකි බව කණ්ඩායම් ආරංචි මාර්ග සඳහන් කරනවා.

පළමු තරඟයේදී පාදයේ අබාධයකට ලක්වූ චරිත් අසලංකගේ යෝග්‍යතා පරීක්ෂණයක් අද (27) සවස සිදුකිරීමට නියමිත අතර ඉන් පසුව ඔහු පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට නියමිතයි.

එමෙන්ම පළමු විස්සයි විස්ස තරඟයට ක්‍රීඩා කළ අශේන් බණ්ඩාරගේ ස්ථානයට ක්‍රීඩකයින් දෙදෙනෙක් සලකා බැලෙන අතර ඒ අනුව අද තරඟයේදී සධීර සමරවික්‍රමට හෝ පැතුම් නිස්සංකට කණ්ඩායමේ ස්ථානය හිමිවීමට බොහෝදුරට ඉඩ ඇති බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.

කෙසේ වෙතත් යම් හෙයකින් චරිත් අසලංක යෝග්‍යතා පරීක්ෂණය අසමත් වුවගොත් ඉහත කී ක්‍රීඩකයින් දෙදෙනාටම අද තරඟයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිවනු ඇති බවට අප සමඟ අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරියෙකු විශ්වාසය පල කළා.

එමෙන්ම ආබාධයකට ලක්ව සිටින ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂට ඉන්දියාව සමඟ පැවැත්වෙන විස්සයි විස්ස තරඟාවලිය අහිමිවී යන බවයි වාර්තා වන්නේ.

මේ අතර අද තරඟය සඳහා ඩිල්ෂාන් මුණවීර සහ අසේල ගුණරත්න යන ප්‍රහාරාත්මක පිතිකරු යුගලය කණ්ඩායමට කැඳවන බවට පැතිර යන ආරංචි සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ ඒවා සත්‍යයෙන් තොර බවයි.

මෙම තරඟ සංචාරයත් සමඟ ක්‍රියාත්මක වන ජෛව බුබුළ හේතුවෙන් අදාල ක්‍රීඩකයින් දෙදෙනා කණ්ඩායමට කැඳවීමට අවශ්‍යතාව තිබුනද එය සිදුකළ නොහැකි බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

ඉන්දිය කණ්ඩායම සමඟ පැවති එක්දින තරඟාවලිය තරඟ දෙකට එකක් ලෙසින් පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායම දෙරට අතර පැවැත්වෙන තරඟ තුනකින් සමන්විත පන්දුවාර 20 තරඟාවලියේ පළමු තරඟයත් පරාජය වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 20 තරඟාවලිය තුල තව දුරටත් රැඳී සිටීමට අද තරඟය ජය ගැනීම අත්‍යවශ්‍ය කරුණක් වනවා.

කෙසේ වෙතත් තරඟය ජයග්‍රහණය කිරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ පිතිකරණය ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය බවයි විචාරකයින් පවසන්නේ.

උපුටා ගැනීම – හිරු නිව්ස්

Click to comment

Leave a Reply

Your email address will not be published.

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top