දැනුම

ලොවක් මවිත කල බුද්ධිමතා ඇල්බට් අයින්ස්ටයින්

ජර්මනියේ යුල්මාහි උපත ලද ඇල්බට්‌ අයින්ස්‌ටයින් උපතින් යුදෙව් ජාතිකයෙකි. මේ දරුවා වයස අවුරුදු තුන වන තෙක්‌ම බහ තෝරන්නට කිසිදු උත්සාහයක්‌ නොදක්‌වන නිසා විටෙක මව්පියන්ගේ හිතේ දරුවා උපන් ගෙයි ගොළු දරුවෙක්‌දැයි සිතේ බියක්‌ ඇති වන්නට විය. නමුත් වයස අවුරුදු තුන වන විට ඔහු කතා කරන්න පටන් ගත්තේය. නමුත් ලුයිපෝල් විදුහල ඔහුට ප්‍රියජනක පරිසරයක්‌ වුණේ නැහැ. ලෝකය ගැන නොදන්න මෝඩ කොල්ලා……උඹ හරිම කරදරකාරයෙක්‌…….. පංති භාර ගුරුවරයා කෝපයෙන් නිතරම ඇල්බට්‌ට චෝදනා නැගුවේය.

යුදෙව් පවුලක ඉපදීම නිසාම ඇල්බට්‌ අයින්ස්‌ටයින්ට සිදු වුණේ මව්බිමේ සුළු ජාතිකයෙක්‌ වීමේ අවාසනාවන්ත ඉරණමයි. යුදෙව්වන් දක්‌ෂ ජාතියක්‌ වුවද යුරෝපීය සමාජය විසින් ඔවුන් වෙත වටිනාකමක්‌ ලබා දුන්නේ නැත.

ඇල්බට්‌ පොත පතට උදාසීන වුණත්, සිතන්නට නම් මදකුදු පසුගාමී වූයේ නැත. විභාග ඔහු අප්‍රිය කළේය. හමුදා ස්‌වරූපයක හුරුව ගත් කැඩෙට්‌ සහ සරඹ ප්‍රතික්‍ෂේප කළේය. විෂය මාලාව පංති කාමරයට කොටු වීම තමා නොරිසි බව පසුකලෙක ඔහු විසින්ම සඳහන් කොට ඇත. මේ නිසාම පාසලේ ගුරුවරුන්ට ඔහු කරදරකාරී සිසුවෙක්‌ වීම අරුමයක්‌ නොවේ.

වයස අවුරුදු පහක්‌ පමණ වන විට පියා පෙන්වන ලද කොම්පාසුව සිතට ලබා දුන් ශක්‌තිය කෙතෙක්‌ද යත්, පසුකාලයේදී විද්‍යාත්මක සංසිද්ධීන් අළලා වූ න්‍යායන් වෙනුවෙන් මෙම නිර්මාණශීලී චින්තනය ඉවහල් වූවාට සැකයක්‌ නැත. කොම්පාසුව මොන අතට හැරෙව්වද, එහි කටුව යොමු වුණේ උතුරටයි. ඔහුගේ හිස ඉලක්‌කම්වලින් පිරුණු අතර ඉගෙනුම වෙනුවෙන් හිත ඇදෙන්නට පටන් ගත්තේ එතැන් පටන්ය. මේ නිසාම ඇතැම් අවස්‌ථාවන්හිදී ඇල්බට්‌ අයින්ස්‌ටයින් “විද්‍යාවේ කලාකරුවා” යන නමින්ද හඳුන්වයි.

ඔහු භෞතික විද්‍යාව වෙනුවෙන් විශිෂ්ටයකු වූයේය. රටවල් තුනක පුරවැසි බව ලබා ගත් යුග පුරුෂයෙක්‌ වූයේය. 1879 වසරේ මාර්තු 14 වැනි දින ජර්මනියේ මියුනිච්හි උපත ලද ඇල්බට්‌ අයින්ස්‌ටයින් මූලික අධ්‍යාපනය ලැබුවේ ලුයිට්‌පොල්ඩ් ජිම්නේසියම් විද්‍යාලයෙන්ය. මේ කාලය වෙන විට ඇල්බට්‌ අයින්ස්‌ටයින්ගේ පියාගේ ව්‍යාපාර බංකොලොත් භාවයට පත්ව තිබිණි. ඔහු ඉතාලියට යන්නට තීරණය කළහ. මේ වන විට ඇල්බට්‌ අයින්ස්‌ටයින්ට තමන්ගේ පාසල අප්‍රිය වී සිටියෙන් එක සිතින්ම පාසල හැර ඉතාලියට යන්නට ඔහුට කිසිදු පැකිලීමක්‌ ඇති වුණේ නැත. මෙම කාලයේ පැවැති අධ්‍යාපන රටාවට අනුව විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්නට පෙරාතුව ජිම්නේසියම් විද්‍යාලයකින් අධ්‍යාපනය ලැබීම අනිවාර්යෙන්ම සිදුවිය යුතු වුණත් පවුලේ උදවිය විසින් ගත් තීරණය නිසා විශ්වවිද්‍යාල අධ්‍යාපනය වෙනුවෙන් අවශ්‍ය සුදුසුකම් සපුරා ගත නොහැකි විය.

මේ නිසා අවශ්‍ය සුදුසුකම් සපුරා ගනු වස්‌ ඔහු 1896 ස්‌විස්‌ටර්ලන්තයේ තාක්‌ෂණික අධ්‍යාපන ආයතනයට ඇතුළු වූයේය. 1900 වසරේදී ඩිප්ලෝමාව ලබා ගත් ඔහුගේ අරමුණ වූයේ ගුරුවරයකු වීමට වුණත් ඒ වෙනුවෙන් අවස්‌ථාවක්‌ නොලැබිණි. එහෙත් ලද දෙයින් සෑහීමට පත් ඇල්බට්‌ අයින්ස්‌ටයින් 1894 වසරේදී ස්‌විස්‌ටර්ලන්තයේ පුරවැසිබව ලබා ගැනීමෙන් පසුව එරට පේටන්ට්‌ බලපත්‍ර ආයතනයේ තාක්‌ෂණ සහායකයෙකු ලෙසින් කටයුතු කළේය. නමුත් හිත ඇත්තන්ගේ අරමුණු කුඩා නොවෙති. ඔහුගේ අනාගත ඉලක්‌ක හිත ඇතුළත පොරබදින්නට වූයෙන්දෝ කිසිවෙකුගේ ආධාර උපකාර නොමැතිව භෞතික විද්‍යාව විෂය හදාරන ලදී. උත්සාහය කිසිදු ලෙසින් ඔහු දමා පලා ගියේ නැත. 1900 වසර වෙන විට සුරිච් පොලිටෙක්‌නික්‌ ආයතනයේ භෞතික විද්‍යාව පිළිබඳව වූ මහාචාර්ය තනතුර වෙනුවෙන් එරට බලධාරීන් විසින් ඇල්බට්‌ අයින්ස්‌ටයින් පත් කරන ලදී.

මේ නිසාම 1905 වසරේදී ඇල්බට්‌ අයින්ස්‌ටයින් විසින් භෞතික විද්‍යාවේ සෛද්ධාන්තික භෞතික විද්‍යාවේ ප්‍රවර්ධනයට ශක්‌තිමත් පදනමක්‌ වැටිණි. ඒ වෙනුවෙන් ඇල්බට්‌ අයින්ස්‌ටයින්ට ශක්‌තිය ලෙසින් පාදක වූයේ අයිසැක්‌ නිව්ටන්, ගැලිලියෝ ගැලිලි සහ ක්‌ලාර්ක්‌ මැක්‌වෙල් යන විද්‍යාඥයන්ගේ ඒ වෙන විට එලිදරව් කරන ලද විද්‍යාත්මක හඳුනා ගැනීම්ය. කෙසේ වෙතත් ක්‌වොන්ටම් වාදය සහ සාපේක්‌ෂතාවාදය ඉදිරිපත් කිරීමේ ගෞරවය හිමි වන්නේ ඇල්බට්‌ අයින්ස්‌ටයින් වෙතය.

ඔහුගේ පළමුවැනි පත්‍රිකාව එළිදක්‌වන ලද්දේ පරමානුවක්‌ මතට ආලෝකය පතිත වූ විට ඉලෙක්‌ට්‍රොaන බැහැර වීම පිළිබඳව වූ ප්‍රකාශ විද්යුත් (Photo Electric Effect ) ආවරණයයි. දෙවැනි පත්‍රිකාවෙන් පෙන්වා දුන්නේ බ්‍රවුනීය (Brownian Mortion ) චලනයයි. එහිදී ඔහු පෙන්වා දුන්නේ. අන්වීක්‌ෂයකින් බැලූ විට ද්‍රවයක අවලම්බිතව ඇති අංශු පෙන්නුම් කරන සූක්‌ෂම අක්‍රමවත් චලනය පිළිබඳව වූ පත්‍රිකාවයි.තෙවැනි පත්‍රිකාව ඇල්බට්‌ අයින්ස්‌ටයින්ගේ අනන්‍යතාව ගොඩ නගන්නට සමර්ථ වූ සාපේක්‌ෂතාවාදය (Special Theory of Reality) යි.

ද්‍රව්‍යක ස්‌කන්ධය හා ශක්‌තිය අතර තිබෙන සම්බන්ධය පැහැදිලි කරන E =MC2 සූත්‍රය එලි දක්‌වන ලද්ෙaද් සාපේක්‌ෂතාවාදය ඔස්‌සේය. E මගින් ශක්‌තියද, ඵ මගින් ස්‌කන්ධය සහ C මගින් ආලෝකයේ ප්‍රවේගයේ මෙම සමීකරණය මගින් සංකේතවත් කරනු ලබයි. විශ්වයේ පවතින සියලුම දේ එකිනෙක සමග සසඳන විට සාපේක්‌ෂ බවක්‌ පෙනී ගියද ආලෝකයේ ප්‍රවේගය නියතයක්‌ බව ඇල්බට්‌ අයින්ස්‌ටයින් විසින් පෙන්වා දෙන ලදී. මෙම මූලික අදහස්‌ තව දුරටත් සංවර්ධනය කරන ලද ඇල්බට්‌ අයින්ස්‌ටයින් 1916 වසරේදි සාමාන්‍ය සාපේක්‌ෂතාවාදය (General Theory of Reality) පිළිබඳ අදහස ඉදිරිපත් කරන ලදී.1919 වසරේ සිදු වුණ පූර්ණ සූර්ය ග්‍රහනයන් ඇසුරින් ලබා ගත් නිරීක්‌ෂණයන් මගින් පෙනී ගියේ ඔහුගේ සාපේක්‌ෂතාවය පිළිබඳ සිද්ධාන්තය නිවරැදි බවයි. මෙම සූර්ය ග්‍රහණය 1919 මැයි 29 වෙනි දින කැමරන් වෙරළට හොඳින් දර්ශනය වුණ අතර බ්‍රිතාන්‍යයේ තාරකා භෞතික විද්‍යාඥ ආර් එයින්ග්ටන් සුර්ය ග්‍රහණය ඇසුරින් ලබා ගත් මිනුම් වලින් අයින්ස්‌ටයින්ගේ සිද්ධාන්තය ගැලපී ගියෙන් ඔහු සාපේක්‌ෂතාවාදයේ පියා යන නාමයට අන්වර්ථ විය.

මෙය ඔහු වෙනුවෙන් ලබා දුන් ගෞරවය කෙතෙක්‌ද යත් සාපේක්‌ෂාතාවාදයේ පියා යන විරුදාවලියෙන් පිදුම් ලබන්නට තරම් මෙම සොයා ගැනීම ඔහුට ආභරණයක්‌ වූයේය.

සුරිවිච් විශ්වවිද්‍යාලය, පැරගුවේහි චාල්ස්‌ විශ්ව විද්‍යාලයේ විද්‍යාව පිළිබඳව ප්‍රසියානු ඇකඩමිය, ලෙයිඩන් විශ්වවිද්‍යාලය, ප්‍රින්ස්‌ටන්හි උසස්‌ අධ්‍යාපන ආයතනය යන අධ්‍යාපන ආයතනයන් වෙත සිය දැණුම බෙදා දීමේ මෙහෙවර වෙනුවෙන් ඇල්බට්‌ අයින්ස්‌ටයින්ගේ දායකත්වය නොමසුරුව ලැබී ඇත. මේ අතර ජර්මනියේ කෙයිසර් අධිරාජ්‍යයා ඔහු වෙත ඇරයුමක්‌ කරමින් ඉල්ලා සිටියේ මේ වෙන විට ජර්මනියේ ආරම්භ කරන ලද කෛස්‌ විල්හෙල්ම් ආයතනයේ අධ්‍යක්‌ෂ තනතුර බාර ගන්නා ලෙසයි.

1903 වසරේදී සුරිච් බහු තාක්‌ෂණික ආයතනයේදි හනා ගත් මිලේවා මාර්ක්‌ සමග වූ විවාහයෙන් ඇල්බට්‌ අයින්ස්‌ටයින් දෙදරු පියෙක්‌ වූයේය. හාන්ස්‌ ඇල්බට්‌ සහ එඩ්වඩ් යන දෙපුතුන්ගෙන් සැදුම්ලත් මෙම විවාහය 1914 වසරේදී දික්‌කසාදයෙන් අවසාන වූ අතර ඔහු සිය ඥාති සහෝදරියක වූ එල්සා ලොවෙන්තාල් සමග විවාහ වූයේය.අයින්ස්‌ටයින් සහ මිලේවා අතර වූ කසාද බැම්ම එතරම් ශක්‌තිමත් වූයේ නැත. ඇගෙන් ලද දරුවන් නිසාමත්, දරුවන්ගේ පියා තමා නිසාත්, කසාදය පවත්වා ගත යුතු යෑයි සිතුවද,ඔහු සිය බිරිඳ විෂයෙහි අනුගමනය කරන ලද්දේ බුද්ධිsමතෙකුගේ හැසිරීම් රටාවක්‌ නොවේ. බිරිඳට ලබා දුන්නේ සහකාරියගේ තැන නොව මෙහෙකාරියගේ තැනයි.

මේ කාල වකවානුව වෙන විට පළමු ලෝක මහා සංග්‍රාමය වෙනුවෙන් අවි සූදානම් වෙමින් තිබිණි. ඇල්බට්‌ අයින්ස්‌ටයින් යුද්ධය බැහැර කළේය. ඔහුගේ යුද විරෝධී අදහස්‌ වෙනුවෙන් තවත් කිහිප දෙනකුගේ සහයෝගය ලැබිණි. මේ සමගින්ම යුරෝපීයන් සඳහා වූ පොදු ප්‍රකාශය (Manifesto to Europian) ඉදිරිපත් කරමින් ඇල්බට්‌ අයින්ස්‌ටයින් කියා සිටියේ මිනිසාගේ දියුණුව වෙනුවෙන් යුද්ධය බෙහෙවින් බාධාකාරී බවයි. ජර්මන් සමාජයේ විද්‍යාඥයන් සහ උගතුන් එකහෙලා කියා සිටියේ ජර්මන් රාජ්‍යය විසින් සිදු කරන සෑම දෙයටම සහාය දිය යුතු බවයි. මෙම දේශප්‍රේමිත්වය (patriotism) අයින්ස්‌ටයින් අගය කළේ නැත. ඔහු තරයේම කියා සිටියේ මවුරට වුණත් වැරැදි දෙයක්‌ කරන්නේ නම් ඒ වෙනුවෙන් නැගී සිටීම ෙද්‍රහිකමක්‌ (pacifist) නොවන බවයි.මේ නිසා ඔහු සාමවාදියකුගේ (pacifist) ලේබලය යටතට ඇතුළත් විය. මේ අතර ඔහුගේ සමකාලීන විද්‍යාඥයන් විසින් නිපදවන ලද රසායනික අවි අත්හදා බැලීම් වලින් මියෑදෙන අහිංසක ජීවිත ඇස්‌ ඉදිරියේ දිසෙත්ම, විද්‍යාව යුද්ධයට නොවේය යන්නට හඬ අවදි කිරීම යුගයේ අවශ්‍යතාව බැව් ඔහු හඳුනා ගත්තේය. 1920 දශකය වන විට පරාජය වූ ජර්මනිය යළි නඟා සිටින මුවාවෙන් ජාතිකවාදීන් බලය තහවුරු කරගැනීමත් සමග ඇඩොල්ෆ් හිට්‌ලර්ගේ බලපදනම ගොඩනැගෙනු දුටු අයින්ස්‌ටයින් ඒ ගැන ජනතාව දැනුවත් කිරීමේ වරදට, පාරම්පරික දේපළ අත්හැර දමා 1932 වසරේදී ජර්මනියෙන් පිටත්ව ගියේ නිදහස්‌ මතධාරීන්ට මෙය සුදුසු කාලය නොවන නිසාය.

1933 වසරේ ජනවාරි උදාවත් සමගම යුදෙව්වන්ගේ පරම හතුරා වූ ජර්මනියේ නාසි නායක ඇඩොල්ෆ් හිට්‌ලර් ජර්මනියේ නායකයා බවට පත් වූයේය. හිට්‌ලර් නැවතත් ජර්මනිය මහා යුද්ධයකට ගෙන යන බව වෙනත් ජර්මන් බුද්ධිමතුන්ට පෙරාතුව අයින්ස්‌ටයින් දුටුවේය.

ඔහුගේ පාලන කාලය තුළම (1933 – 1945) අයින්ස්‌ටයින් ජර්මනිය ගැන සිහින මැව්වේ නැත. දැනටත් ඔහු ලෝකයාගේ සම්භාවනාවට පත්වී හමාරය. මේ නිසාම ඇල්බට්‌ අයින්ස්‌ටයින් ඇමරිකාවේ කැලිෆොනියාවේ තාක්‌ෂණ විද්‍යා ආයතනයේ දේශකයෙකු ලෙසින් සිය සේවය ලබා දෙන්නට වූයේය. එතෙර සිට වුවද හඬ නිහඬ වූයේ නැත. ජර්මනියේ මර්දනකාරී රාජ්‍ය පිළිවෙත සහ හිට්‌ලර් විසින් සුළුතර ජනතාවට එල්ල කරනු ලබන පීඩනය නිර්දය ලෙස විවේචනය කරන ලදී. බුද්ධිමතුන්ගේ කෙම්බිම තුළ සිට නිදහස්‌ අදහස්‌ දක්‌වන කල්හි, ප්‍රින්ස්‌ටන් සරසවිය ඔහුට කියා සිටියේ ඔබ විද්‍යා ක්‍ෂේත්‍රයට සීමා වෙන්න….කියා වුවත් ඔහු නිහඬ කරන්නට ඔවුන් අසමත් වූහ.

මිනිස්‌ සමාජයේ සමානාත්මතාවය අගය කළ ඔහු තුළ සමාජවාදී අදහස්‌ පැවැතුනද, කොමිනියුස්‌ට්‌ දේශපාලනය සම්බන්ධ නොවීය. වෙනතක්‌ තබා සෝවියට්‌ දේශයෙහි ලද සංචාරය පවා ඔහු ප්‍රතික්‍ෂේප කළේය. 1931 වසරේ කැලිෆොනියා තාක්‌ෂණික (Caltech) සරසවියේ සිසුන් අමතා ඔහු මෙසේ කීවේය.

අපි තාක්‌ෂණික ලෙසින් සන්නද්ධ වී පර්යේෂණ වලින් ඉදිරියට ගොස්‌ නවෝත්පාදන බිහි කළත් මේවා මානව සංහතියේ උන්නතිය පිණිසම විය යුතුයි. මේ නිසා ඔබ නිතරම දායකත්වය ලබා දිය යුත්තේ සම්පත් බෙදී යැම සහ ශ්‍රම සංවිධානය ප්‍රශස්‌ත ලෙස පවත්වා ගැනීමටයි…… අයින්ස්‌ටයින් ලෝකයට ලබා දුන් පණිවිඩය එයයි.

නමුත් හිට්‌ලර්ගේ යුදෙව් විරෝධී මානසිකත්වය සංසිඳුනේ නැත. බුද්ධිමතුන් නොරිසි වූ මානසික රෝග තත්වයකින් පෙළුනේය. හිට්‌ලර් විසින් ඇමරිකාවේ ජීවත්වීමට තීරණය කළ ඇල්බට්‌ අයින්ස්‌ටයින්ගේ බැංකු ගිණුම් තහනම් කළ අතර ඔහු මරා හිස ගෙන දෙන්නෙකුට පවුම් දහසක ත්‍යාගයක්‌ ලබා දෙන බව නිවේදනය කොට ප්‍රසිද්ධ කළේය. හිට්‌ලර්ගේ නොතිත් වූ කුරිරු ආශාවන් ගැන නොතකා ඔහුගේ විකෘති වූ මානසිකත්වයට වෛර නොකොට ඇල්බට්‌ අයින්ස්‌ටයින් සිය උපන් සහ තමා විසින්ම ස්‌වෝත්සාහයෙන් සංවර්ධනය කර ගත් විද්‍යාත්මක ඉගැන්වීම් තුළින් ලෝකයක්‌ තනනන්ට වෑයම් කළේය.ඇමරිකාවේ ප්‍රින්ස්‌ටන්හි පිහිටා තිබූ විශ්ව විද්‍යාලයේ ගණිතය පිළිබඳව මහාචාර්ය පදවිය පමණක්‌ නොව බ්‍රිතාන්‍ය රාජකීය සංගමයේ සාමාජිකත්වයද ඔහුට ප්‍රදානය කරන ලදී.

මේ නිසාම ඔහු පරමානු බෝම්බය ගැන අනාවැකි සඳහන් කළේය. 1939 වසරේ අගෝස්‌තු දෙවැනි දින ඇමරිකානු ජනාධිපති රූස්‌වෙලට්‌ මහතාට ලිපියකින් දන්වා සිටියේ යුරේනියම් වලින් ඉතා වේගවත් බෝම්බ සෑදිය හැකි බවත්, එයින් වරායක්‌ ඇතුළු විශාල වූ ප්‍රදේශයක්‌ විනාශ වීමට ඉඩ ඇති බවත්ය. ඒ අතරම ඔහු කියා සිටියේ බෝම්බය කෙතරම් භයානක වුණත් එයින් ලෝ සංස්‌කෘතිය සහ සභ්‍යත්වය මුළුමනින්ම වෙනස්‌ නොවන බවත්ය.නමුත් 1950 වසරේ පෙබරවාරි 12 වැනි දින ජලකර බෝම්බය නිපදවීමත් සමගින් අයින්ස්‌ටයින් පෙරදා ඉදිරිපත් කළ අදහස වෙනස්‌ කළේය. ඇමරිකාවේ ප්‍රින්ස්‌ටන්හි පිහිටි නිවසේදී ඔහු ප්‍රසිද්ධියේ මෙසේ ප්‍රකාශ කළේය.

ජලකර බෝම්බයේ විෂ පැතිරීමෙන් ලෝක ප්‍රජාවම විනාශයට පත් විය හැකියි….

සංගීතයට ප්‍රිය කළ ඔහු ස්‌වභාව ධර්මයට බෙහෙවින් ඇළුම් කළේaය. බටහිර සංගීතයට බෙහෙවින් ඇළුම් කළේය.

මම භෞතික විද්‍යාඥයෙක්‌ නොවුණා නම් සංගීතඥයෙක්‌ වෙනවා. මම හීන දකින්නෙත්, හිතන්නෙත් සංගීතයට අනුව යෑයි ඔහු වරෙක පවසා ඇත.

අයින්ස්‌ටයින් අපේක්‌ෂා කරනලද්දේ සරල ජීවිතයක්‌. ආයතනගත නිලධාරිවාදය ප්‍රදර්ශනය කිරීම වෙනුවෙන් සපත්තු, මේස්‌ ගැන තැකීමක්‌ නොකළ ඔහු නිතරම සපත්තු පැළඳ සිටියේ මේස්‌ නොමැතිව වීම විශේෂයක්‌ වුණා. ගරු ගාම්භීර සභාවක වුණත් විහිළු තහලු කිරීමට මැලි වුණේ නැහැ. ජායාරූප ගන්නා විට කුඩා දරුවන් මෙන් විසුලු මුහුණක්‌ මවා ගැනීමටත් (Einstein: A Hundred Years of Relativity) හුරුවී සිටිය බව සඳහන් වේ.

විශ්වය සහ සොබා දහම පිටුපස දිවෙන මිනිසාට වඩා උසස්‌ බලවේගයක්‌ ඇති බව විශ්වාස කළද, සංවිධානගත ආගම්, ආගම් කර්තෘවරුන්, ශුද්ධ ග්‍රන්ථ, පූජකයන් ගැන ඇදහීමක්‌ නොවීය. නමුත් විශ්වයීය ආගමක්‌ (cosmic religion) තමා අදහන බැව් සඳහන් කළේය.

උපතින් යුදෙව්වෙක්‌ වුවද, ඔහු එහි එල්බ නොසිටියද, ඊශ්‍රායලය බිහිවීමෙන් පසුව එරට යුදෙව්වන්ගේ පුනරාලෝකනය වෙනුවෙන් අවශ්‍ය ධෛර්ය ලබා දුන්නේය.

ඔහු ජර්මනියේ ජීවත්වෙන කාලයේදී හෙවත් 1921 වසරේදී භෞතික විද්‍යාව වෙනුවෙන් වූ නොබෙල් සම්මානයෙන් පිදුම් ලබන ලදී. 1933 වසර වෙන විට ඇඩොල්ෆ් හිට්‌ලර් නමුත් යුදෙව් විරෝධී පාලකයාගේ රාජ්‍යත්වයත් සමගම ඇල්බට්‌ අයින්ස්‌ටයින් ඇමරිකාව බලා ගියේය. 1940 වසර වෙන විට ඇමරිකාව විසින් එරට පුරවැසිකම අයින්ස්‌ටයින් වෙත පිරිනමන ලදී.

ඇල්බට්‌ අයින්ස්‌ටයින් විසින් භෞතික විද්‍යා ක්‍ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් රචනා කරන ලද, පර්යේෂණ පත්‍රිකා, සහ ග්‍රන්ථ විහාල සංඛ්‍යාවක්‌ වේ. එම ග්‍රන්ථ විද්‍යාත්මක සේවාවන් අතර

Special Theory of Relativity (1905), Relativity (ඉංග්‍රීසි පරිවර්තනය, 1920 සහ 1950), General Theory of Relativity (1916), Meaning oh Reality ^192(Investigations on Theory of Brownian Movement (1926), සහ The Evolution of
Physics (1938). ඔහුගේ විද්‍යාත්මක නොවන කෘති අතර About Zionism (1930), Why War? (1933), My Philosophy (1934), and Out of My Later Years (1950)
යන සාහිත්‍ය ප්‍රබන්ධ වැදගත් වේ.ඇල්බට්‌ අයින්ස්‌ටයින් වෙත යුරෝපා සහ ඇමරිකානු විශ්වවිද්‍යාල විසින් ගෞරව ආචාර්ය උපාධිනාම ප්‍රදානය කරන ලදී. 1920 දශකයේ ඔහු යුරෝපා, ඇමරිකා සහ ඈත පෙරදිග රටවල්හි වි දේශන වෙනුවෙන් සහභාගි වූ අතර, මේ නිසා ලෝකයේ පිළිගත් විද්‍යාත්මක අධ්‍යාපන ආයතන විසින් ඇල්බට්‌ අයින්ටයින් වෙත ආශ්‍රය සහ වරලත් සාමාජිකත්වයන් පිරිනමන ලදී.ඔහු වෙත ප්‍රදානය කරන ලද ගෞරව ප්‍රදාන අතර 1925 වසරේ ලන්ඩනයේ රාජකීය සංගමය විසින් ප්‍රදානය කරන ලද Copley Medal සහ 1935 වසරේ ෆැන්ක්‌ලින් ආයතනය විසින් ප්‍රදානය කරන ලද Franklin Medal සම්මානය වැදගත් වේ.

ඇල්බට්‌ අයින්ස්‌ටයින්ගේ ජීවන තොරතුරු අළලා ගොඩ නැගුන රසවත් කතාවන් නැතුවාම නොවේ. දිනක්‌ ඔහු අවන්හලකට ගියේය. ඔහු කාමරයට ගොස්‌ කබාය ගලවා තබා අවුත් ආහාර ගෙන හමාර වී නැවතත් කාමරයට ගොස්‌ කබාය හැඳ ගෙන යන්නට ගියේය. මද දුරක්‌ ගිය ඔහු කබායේ සාක්‌කුවට අත දමන විට එහි තිබූ අත් මේස්‌ යුගලයක්‌ හමු විය. ඔහු නැවතත් අවන්හලට ගොස්‌ සේවකයන් අමතා කීවේ පිළිවෙළක්‌ නැහැ…. බලනවා, මගේ කබායට අත් මේස්‌ ජෝඩුවක්‌ දාලා….ඔහු අත්මේස්‌ ජෝඩුව අවන්හලේ කළමනාකරුගේ මේසය මතට වීසි කළේය.

කළමනාකාරු කිසිවක්‌ කතා නොකර සිටියේ කබායේ දිග පළලින් එහි අයිතිකරු අයින්ස්‌ටයින් නොවන බව ඔහුට තේරුම් ගිය නිසාය.

වතාවක්‌ බෙල්ජියමේ රැජින විසින් භෝජන සංග්‍රහයක්‌ සඳහා ඇල්බට්‌ අයින්ස්‌ටයින්ට ආරාධනා කළ අතර රැජින අයින්ස්‌ටයින් පිළිගැනීම සඳහා දුම්රියපළ වෙත රාජ්‍ය නිලධාරින් යොදවා සිටියද, අවුල් වූ ගිය හිස කෙස්‌ සහිත අපිළිවෙළින් හැඳ පැළඳගෙන එක්‌ අතකින් සූට්‌ කේසයක්‌ද, අනිත් අතින් වයලීනයක්‌ද, රැගෙන පැමිණි අයින්ස්‌ටයින් ඔවුන් හඳුනා ගත්තේ නැත.

ඔහුගේ පැමිණීම බලාපොරොත්තුව රැඳී සිටි රාජ්‍ය නිලධාරීන්ද අයින්ස්‌ටයින් නොපැමිණි බව දැණුම් දෙන්නට යන විට කිසිවෙකුගේ පිළිගැනීමක්‌ නැතුවම අයින්ස්‌ටයින් මාලිගයට ගියේය. ඔබ පිළිගන්න මම දුම්රියපළට පිරිසක්‌ යෑව්වා…..බෙල්ජියමේ රැජින සඳහන් කරත්ම අයින්ස්‌ටයින් කියා සිටියේ ඔව් …මටත් තේරුණා…කවුරුන් හෝ පැමිණෙන තුරු පිරිසක්‌ සිටින බව…ඒත් මේ අය සිටින්නේ මාව පිළිsගන්න යන බව මට අමතක වුණා….යෑයි අයින්ස්‌ටයින් සඳහන් කළේය.

අයින්ස්‌ටයින් පිළිබඳව රචනා කරන ලද ග්‍රන්ථයන් අතර බ්‍රිතාන්‍ය ලේඛක ඇන්ඩෘ රොබින්සන් විසින් රචිත Einstein: A Hundred Years of Relativity ග්‍රන්ථයේ ඔහුගේ ජිවිතයේ විශේෂිත තොරතුරු බොහෝ සෙයින් සටහන් තබා ඇත. ඔහු සමාජශීලි පුද්ගලයෙක්‌ වුවද, කිසිදු දේශපාලන න්‍යාය පත්‍රයකට හෝ කටයුතු කිරීමේ සූදානමක්‌ තිබුනේ නැත.

1952 වසරේදී ඊශ්‍රායලයේ ආරම්භක ජනාධිපති මිය ගිය විට ලෝකයේ සිටි ප්‍රබල යුදෙව්වා වූ ඇල්බට්‌ අයින්ස්‌ටයින්ට එම තනතුර භාරගන්නට ආරාධනා කළෙන් ඔහු නොදන්නා දේශපාලනය මත යෑපෙන්නට කිසිසේත්ම කැමැත්තක්‌ දැක්‌ වූයේ නැත.

1955 වසරේ අප්‍රේල් 18 වෙනි දින රාත්‍රියේ හෘදයාබාධයකින් නින්දේම ඔහු අභාවප්‍රාප්ත වූයේය. ඒ වන විට හැත්තෑ හය හැවිරිදිව සිටි ඔහු මියයන්නට පෙර දිනයේ ප්‍රින්ස්‌ටන් රෝහලේදී තබන ලද සටහන මෙසේය…

යා යුතු අවස්‌ථාව එලැඹ කල මා යා යුතුය…කෘතීමව ජීවිතය පවත්වාගෙන යැම බොහොම නීරසයි…මා මගේ කොටස අවසාන කළා. දැන් මට යන්න කාලය ඇවිත් ඇත.

විද්‍යාව පිළිබඳව විශ්ව කෝෂයක්‌ වූ ඇල්බට්‌ අයින්ස්‌ටයින්ගේ මොළය ගැන සියලුදෙනාම කතා බහ කළේ අපූර්ව වූ විද්‍යාත්මක මොළයක්‌ ලෙසින්ය.ප්‍රින්ස්‌ටන් රෝහලේ විශේෂඥ වෛද්‍ය තෝමස්‌ ස්‌ටොල්ට්‌ස්‌ හාර්වි විසින් ඇල්බට්‌ අයින්ස්‌ටයින්ගේ මොළය පිළිබඳව කෙතරම් පිළිගැනීමක්‌ දැක්‌වූවාද කිවහොත් මියගිය පසු මොළය සිරුරෙන් වෙන් කළේය. මොළය කොටස්‌ 240 කට ෙච්දනය කොට පටක දැක්‌වෙන විනිවිදක රාශියක්‌ තනා එම පටක සාමාන්‍ය මිනිස්‌ මොළ 85 ක්‌ සමග සංසන්දනාත්මක ලෙසිsන් අධ්‍යනය කරනු ලැබුවා.මේවා ඇමරිකාවේ පෙන්සිල්වේනියා ජාතික සෞඛ්‍ය හා වෛද්‍ය විද්‍යා කෞතුකාගාරයේ මහජනතාවගේ ගැවිසිමෙන් ඈත්ව සුරක්‌ෂිත ලෙස තැන්පත් කොට ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published.

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top