දැනුම

හිස කෙස් ගැලවී යාම වලක්වා ගන්න සත්කාර 07ක්.

හිස කෙස් ගැලවී යාම වලක්වා ගන්න සත්කාර 07ක්.

ඕනෑම කෙනෙකුට තම හිසකෙස් ගැලවී යාම ඉතා වේදනාකාරී තත්වයකි. වර්තමානයේ බොහෝ දෙනා හිසකෙස් ප්‍රශ්න නිසා බොහෝ ආතතියට පත්ව සිටි.සෞඛ්‍යට හිතකර නොවන ජිවන රටාව හිස කෙස් ප්‍රශ්න වලට මූලිකම හේතුව බවට පත්ව තිබේ.එමෙන්ම හිසකෙස් වලට භාවිතා කරන විවිධ ආලේපන වර්ගද හිස් කබලේ මෘදු භාවය අවම කර හිසකෙස් දුර්වල කිරීමට හේතු වී තිබේ.පහත දක්වා ඇත්තේ ඒ සදහා ඔබට අනුගමනය කල හැකි ස්වභාවික සත්කාර කිහිපයක් පිලිබදවයි.

01. බිත්තර – හිසකෙස් වලට පෝෂණයක් ලබා දීම සදහා බිත්තර ඉතා වැදගත් වේ.හිසකෙස් කැඩීම වලක්වා පෝෂණය කිරීම සදහා මෙම සත්කාරය සිදු කරන්නට ඔබට පුළුවන්.බිත්තර සමග එඩරු තෙල් ස්වල්පයක් මිශ්‍ර කර හිසකෙස් වල ගල්වන්න.පැයක් පමණ
තිබෙන්නට හැර සෝදා හරින්න.

02. උණුසුම් කරන ලද තෙල් සම්බාහනය – හිසකෙස් කැඩීයාම බොහෝ වෙලාවට සිදු වන්නේ ශරීරයේ පෝෂණ ඌනතා හේතුවෙනි.
මේ සදහා පිලියමක් ලෙස ඔබට තෙල් සත්කාරයක් සිදු කරන්නට පුළුවන්. මේ සදහා පොල්තෙල්,ආමන්ඩ් තෙල්,ඔලිව් තෙල් හෝ වෙනත් තෙල් වර්ගයක් භාවිතා කරන්නට ඔබට පුළුවන්. එමෙන්ම ඔබගේ හිසකෙස් උනුතෙල් වලින් සම්බාහනය කර තෙල් වලින් සම්බාහනය කර තුවායකින් ඔතා පසු දින උදයේ සෝදා හරින්න.

03.ඔලිව් තෙල් සහ මයෝනිස් – මයෝනිස් ස්වල්පයක් සමග ඔලිව් තෙල් මිශ්‍ර කර එයට සුදු විනාකිරි ස්වල්පයක්ද එකතු කරන්න. ඉන් පසු ඔබගේ හිසකෙස් වල අලේප කර වියලෙන්නට හරින්න. ඔබගේ හිසකෙස් වලට හානි සිදු වීම අවම කර හිසකෙස් ශක්තිමත් කිරීමට මෙම සත්කාරය සිදු කරන්නට ඔබට පුළුවන්.

04.විටමින් E – ඔබගේ සමට සහ හිසකෙස් වලට විටමින් E බොහෝ ප්‍රයෝජනවත් වේ. ඔබගේ ෂැම්පු වලට විටමින් E තෙල් ස්වල්පයක් එකතු කර සාමාන්‍ය පරිදි හිසකෙස් සෝදා ගන්න.එමගින් හිසකෙස් වලට අමතර පෝෂණයක් එකතු වන අතර හිසකෙස් කැඩී යාමද වලකී.

05.ළුණු යුෂ – ඔබගේ හිස කෙස් කැඩී යාම සදහා ළුණු ද ඉතා හොද ඖෂධයකි. ළුණු වල සල්ෆර් බහුලව අඩංගු වන අතර ඒවා මගින් හිසකෙස් වර්ධනය වීමද උත්තේජනය වේ.එමෙන්ම හිස කෙස් සවිමත් වීමද මෙමගින් සිදු වේ.ළුණු යුෂ ඔබගේ හිසකෙස් වල ගල්වා මිනිත්තු 30ක් තිබෙන්නට හැර සෝදා හරින්න.

06.කෙසෙල් – කෙසෙල් වල ප්‍රෝටීන,මේදය සහ පොටෑසියම් අඩංගු වේ.එමගින් ඔබගේ හිසකෙස් ශක්තිමත් වන අතර ඒවා පහසුවෙන් කැඩී යාමද වලකී. ඉදුණු කෙසෙල් ගෙඩි දෙකක් ගෙන ඒවා ඔලිව් තෙල් සහ පැණි ස්වල්පයක් සමග බ්ලෙන්ඩර් කරන්න. ඉන් පසු ඔබගේ හිස කෙස් වල මෙම මිශ්‍රණය අලේප කර මිනිත්තු 15ක් තිබෙන්නට හැර සෝදා හරින්න.

07.කෝමාරිකා – කෝමාරිකා ඔබගේ සමට සහ හිසකෙස් වලට එකසේ උපකාරී වේ.එමගින් බැක්ටීරියා,දිලිර ආසාදන අවම කරවීමද සිදු කරයි.කෝමාරිකා මදය සමග ආමන්ඩ් තෙල් සමානව මිශ්‍ර කර ඔබගේ හිස් කබලේ ආලේප කරන්න.මිනිත්තු 30ක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න

Click to comment

Leave a Reply

Your email address will not be published.

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top